ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

Smart Helmet එක ගැන ඔබ දන්නවාද


මුලින්ම කියන්න ඕන බ්ලොග් එක පැත්තට එන්න බැරි උනා ගොඩ කාලෙකින්. ඒත් අද මං ගෙනාවෙ බයික් පිස්සන්ට අලුත්ම භාණ්ඩයක්. ලංකාවෙනම් තාම නැ මේක. ඒ උනාට ඉතිං අපේ කොලේලො ඔන්ලයි ඕඩර්කරල ‍ ගෙන්න ගනියි කියල හිතනව ඉතිං. මේක නිකං අර Film වල වගේ භාණ්ඩයක්. 
මේ Helmet  එක නිසා දුරකථන භාවිතය මගින් සිදුවන අනතුරු හුගක් අඩු වෙයි කියල හිතනව. අනික තමා  කට්ටියට දඩයකුත් අඩු වෙනව Helmet එකටම කෝල් එක එන නිසා.


මේ Helmet එක සාමාන්‍ය Helmet එකක් වගේ  පෙනෙන්න පුළුවන්. ඒත් Skully AR-1 කියලා හඳුන්වන Helmet එකට  ඔළුව ආරක්ෂා කරනවාට වඩා දේවල් ගොඩක් කිරීමේ හැකියාව තියෙනවා.
මේ Helmet එකේ ප්‍රධාන විශේෂත්වය වෙන්නේ ඉදිරිපස තිරයයි. විනිවිද පෙනෙන උසස් තත්වයේ ප්ලාස්ටික් වර්ගකින් තනා ඇති මේ තිරය මතට විවිධ තොරතුරු ප්‍රක්ශේපනය කරන්න පුළුවන්.projector එකක් වගේ වැඩකරනවා. ඒ නිසා  ගමන් ගන්නා වේගය, දිශාව වගේම ඉන්ධන තත්වය පිළිබඳවත් තොරතුරු කිසිදු අපහසුවකින් තොරව දැනගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබේ ජංගම දුරකථනයට සම්බන්ධ වෙලා ඔබට ලැබෙන දුරකථන පණිවුඩ ක්ෂණිකව ඔබේ Helmet එක වෙත ලබාගන්නටත් හැකියාව තියෙනවා. ඒ නිසා මෝටර් බයිසිකලය ධාවනය කරන විට ලැබෙන ඇමතුම් වලට පිළිතුරු දීම ඉතාමත් පහසුයි.

ඒ විතරක් නෙවෙයි පසුපසින් එන වාහන පිළිබඳව දර්ශණත් ඉදිරිපස තිරය මතට ලබා දීමට හෙල්මටයේ පසුපස කැමරාව උපයෝගී වෙනවා. විශේෂ ආකාරයකට, විශේෂ අමුද්‍රව්‍ය යොදාගෙන ඉදිරිපස නිමවා ඇති නිසා ඉදිරිපස තිරය සීරීම් වලට ඔරොත්තු දෙනවා මෙන්ම ආලෝකය හමුවේ දීප්තිමත් නොවීම නිසා රියදුරුගේ පෙනීමට බාධා සිදුවන්නේ නැහැ. මේ අපූරු තාක්ෂණික නිර්මාණය කරලා තියෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි පිහිටි කුඩා සමාගමක පිරිසක් විසින්.

Bluetooth හරහා ජංගම දුරකථනය සම්බන්ධ විය හැකි නිසා අන්තර්ජාලයට සම්බන්ධ වීමටත්, GPS සම්බන්ධතාවය හරහා Google Map වැනි location based apps භාවිත කරන්න පුළුවන්. කෙසේ වුවත් යම් හෙයකින් අන්තර්ජාල සම්බන්ධතාව බිඳවැටීමකදී හෙල්මටය තුලම ඇති මතකය තුල තොරතුරු ගබඩා කරගන්නටත් හැකියාව තිබෙනවා.

GPS






ජංගම දුරකථන සම්බන්ධතාව සමඟ කටයුතු කරන නිසා Helmet එකටම වෙන්වූ විවිධ apps රාශියක්ම නුදුරේදීම හඳුන්වා දීමටත් නියමිතයි. මේ අපූරු නිර්මාණය හරහා මෙතෙක් තාක්ෂණික වශයෙන් විශාල දියුණුවක් අත් විඳීමට නොහැකි වුනු මෝටර් සයිකල් ධාවකයින්ටත් තාක්ෂණයේ උපකාරය ලබාගන්නට හැකියාව ලැබෙනු ඇත.

 කෙසේ වෙතත් Skully AR-1 Helmet එකේ මිලනම් කුඩා මෝටර් සයිකලයක මිලට වඩා වැඩියි. Indiegogo වෙබ් අඩවිය හරහා මිලදී ගන්නට හැකියාව ඇති මෙහි හඳුන්වාදීමේ මිල රුපියල් වලින් ලක්ෂ 2කට ආසන්නයි.
මේ Helmet එක ගැන ඔයාගේ අදහසත් බෙදාගන්න.











0 comments:

Copyright © 2013 ...:::SDJ:::...