ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය




කට්ටියට ඉතිං ක්‍රිකට් කිව්වොත් කන්න ඕනත් නෑනෙ, සමහර අය ඉතිං මැච් එකක් තියන දවසට ලෙඩ නිවාඩු දාල ගෙදරට වෙලා ඉදල මැච් එක බලනවනෙ. තවත් සමහරු මැච් එකේ ලකුණු බලාගන්න sms service ඇක්ටිව් කරගෙන මාසෙකට රුපියල් 100 විතර ගෙවනවනෙ.

සල්ලි දීල ඇක්ටිව් කරගන්න එක ගොඩක් අයට කරදරයක්නෙ මේක මම ඔයාලට දෙනව නිකම්ම.
මේකටත් ඉතිං android පෝන් එකක් ඕන. නෝමල් අයට හදාගන්න විදිහක් මම පස්සෙ දාන්නම්
මේකට කරන්න තියෙන්නෙ මුලින්ම මේ ඇප් එක දාගන්න පෝන් එකට


Download


දැන් ඔයාගෙ පෝන් එකට ඉන්ස්ටෝල් උනාට පස්සෙ කරන්න තියෙන්නෙ ඔයාගෙ display ටච් කරගෙන ඉන්න ඊට පස්සෙ එන මෙනු එකේ Widget කියල තියනව ඒක ටච් කරන්න ඊට පස්සෙ ඔයා දාගත්ත ඇප් එකේ නමින් ඇති Widget එකක් ඒක ටච් කරගෙන ඉදල ඔයාගෙ Desktop එකට ඇඩ් කර ගන්න
ඔන්න එහෙනම් අපි කැපුන
ශෙයා පාරක් දාල සප් එකක් දෙන්න

ගොඩක් අයට තියන ගැටලුවක් තමයි පෝන් එකක් අරන් ටිකක් කාලයක් යනකොට කැමරාව කොලිට් අඩු වෙන එක. කට්ටියනම් හිතන්නෙ කැමරාව සවුත්තු වෙනව කියල. හැබැයි එහෙම වෙන අවස්ථාත් තියනව 1% වගේ ඒවටනම් ඉතිං කොහොමත් කැමරාව රිප්ලේස් කරන්න වෙනව. නැතුව හරියන් නෑ.
මම අද කියන්නෙ කැමරාවෙ කොලිටිය අඩුවුන නමුත් කැමරාව සවුත්තු නොවුනු එකට විසදුමක්

ඔයගොල්ලොන්ගෙ පෝන් එකේ ගන්න පොටෝස් පැහැදිලි නැද්ද ? නිකන් ලාවට බොද වෙලා වගේද ? zoom කලාම ඩීටේල්ස් අඩුද මෙන්න මේ වගේ.



එහෙනම් මෙන්න මේ විදිහට කරල බලන්න.

හොදට බලන්න යගොල්ලොන්ගෙ පෝන් එකේ කැම් එකේ වීදුරුව දිහා .. හොදට බලන්න .. හොදට හරව හරව බලන්න .. බලන්න ඔයගොල්ලොන්ගෙ කැම් එකේ වීදුරුවත් මේ විදිහද කියල ... පොඩ්ඩක් හරි තියනව නේද? නැද්ද හොදට බලන්න මේක ලේසියෙන්නම් පේන්නෙ නෑ. පොඩ්ඩක් ලයිට් එකක් ගාවට ගිහිල්ල පෝන් එක දෙපැත්තට කර කර බලන්න. තියනව නේද බඩු?තියනව නම් පුතා ඔයාගෙ කැම් එකේ කොලිටි එක ටිකක් අවුල් වගේ තමයි ..


මෙන්න මේ වගේ....
හරි මන් කියල දෙන්නම් ඕක හදා ගන්නෙ කොහොමද ? , ඇත්තටම ඔය මොකක්ද වෙලා තියෙන්නෙ කියල..

ඔය හීරිලා වගේ තියෙන්නෙ වීදුරුව නෙමෙයි ..  ඔය තියෙන්නෙ UV Filter එකක් .. තවත් විදිහකට කිව්වොත් Oleo phobic coating එකක් ... 
ඕක ගහන්නෙ කැම් එකේ ලෙන්ස් එකේ කල් පැවැත්ම වැඩි වෙන්න .. මොකද එතකොට අහිත කර හිරු කිරන ඇවිල්ල කැම් එක සවුත්තු වෙන්නෙ නැ ඉක්මනට ... හැබයි අවාසනාවට ඒක යනව ගොඩක් පෝන් වල ඉක්මනට .. ඒක ඉතින් එක එක්කෙනා යූස් කරනව් ඉදිහට තමයි ... ඒක ගියත් යන්නෙ සම්පූර්නයෙන්ම නෙමෙයි නිකන් කෑලි කෑලි .. ඒ කියන්නෙ ඇත්තටම ඒ ෆිල්ටෙර් එක තමයි හීරෙන්නෙ ...  කැමරාවෙ වීදුරුවට උඩින් තමා ඕක ගහල එවන්නෙ .. ඒක හීරුනාම අපිට පැහැදිලි පොටෝස් ගන්න ලැබෙන්නෙ නැ ... ඉතින් අපිට පැහැදිලි පොටෝස් ආයෙ ගන්න ඕනෙ නම් ඒක සම්පූර්නයෙන්ම යවන්න ඕනෙ .. ඉතින් මන් කියල දෙන්නම් දැන් ඒක යවන්නෙ කොහොමද කියල 
මේක හරියටම බලාගන්න ඕන අය යවන්න කලින් පොටෝ එකක් අරගෙන ඉන්න. නැත්තම් මට රෙදි උස්සන් එයි කට්ටිය.
හරි දැන් වැඩේට බහිමු.

අවශ්‍ය ද්‍රව්‍ය- 
        * හොදින් තෙතමනය උරා ගන්න රෙදි කෑල්ලක්
        * පුලුන් කෑලි ටිකක්
        * ඕඩි කොලෝන් හරි සෙන්ට්  හරි බෝතලයක් ... ( හිස් බෝතල් උස්සන් එනව නෙමෙයි )

        * ටූත් පේස්ට් ටිකක්
(අත් සෝදගෙන වැඩේට බැස්සොත්නම් හොදයි නැත්තම් වැඩේ 100% හරියන් නෑ)

හරි එහෙනම් , මුලින්ම කැමරාවට සෙන්ට් ටිකක් ගහල  රෙදි කෑල්ලෙන් පිහදා ගන්න .. බය නැතුව ගහන්න හොදට සෙන්ට් .. ඇතුලට යන්නෙ නැ . බය නැතුව අතුල්ලන්න හරි අයිය හරි තව හයියෙන් තව හයියෙන් අතුල්ලන්න ☺☺☺☺
දැන් ආයෙ ගහන්න සෙන්ට් ටිකක් හොදට .. පිරිසිදු ඇගිල්ලින් පොඩ්ඩක් තද කරල (පොඩ්ඩක් හොදේ ) හොදට පිරිමදින්න කැම් එකේ ලෙන්ස් එක
විනාඩි දෙකක් විතර එක දිගට මදින්න .. ඊට පස්සෙ අර තෙත ගතිය වේලෙන්න තියන්න කැම් එකේ ලෙන්ස් එක පිහ දාන්නෙ නැතුව් ... වේලුනාට පස්සෙ පුලුන් කෑල්ලකින් එක පාර පිහදාල අරින්න ..
ඔහොම කරල බලන්න .. සමහරවිට ඕක එක පාරෙන් කරාට යන්නෙ නෑ .. ඔයාට ගොඩ පාරක් කරන්න වෙයි ඒ හීරිච්ච ගතිය යවන්න .. 10 පාරක් 15 පාරක් ඕකම කරල බලන්න .. පොඩ්ඩ පොඩ්ඩ තමා යන්නෙ .. ඒත් එහෙම කරලත් ගියෙ නැත්තම් ඊලග ස්ටෙප් එකට යමු .. ඒකෙන් කලොත් නම් අනිව යනවම තමයි ..


ගන්න ටූත් පේස්ට් ටිකක් ඇගිල්ලට ... දැන් අර කලින් වගේම ඒ ටික කැමරාවෙ වීදුරුවට දාල පොඩ්ඩක් තද කරල හොදට මදින්න .. ඒක එච්චර වෙලා මදින්න එපා තත්පර 30 ක්  45ක් මදින්න .. ඊට පස්සෙ පුලුන් කෑල්ලක් අරන් ඒ ටික පිහදාන්න .. දැන් බලන්න් ගියාද කියල .. එක පාරින් නම් යන එකක් නෑ .. ටික ටික තමා යන්නෙ .. කොහොම හරි යනකන්ම එහෙම කරන්න .. දානව , මදිනව , පිහදානව .. ඔන්න ඔය විදිහට 
☺☺☺
ගියාට පස්සෙ ආයෙත් සෙන්ට් ටිකක් හොදට ගහල අර රෙදි කෑල්ලෙන් පිහදාන්න ..
ඊට පස්සෙ තව වැඩක් තියනව .. අර සෙන්ට් එකේ ටූත් පේස්ට් වල තෙල් ගතිය වීදුරුවෙ තියන නිසා ටිකක් අවුල් .. ඒක නිසා . සබන් පොඩ්ඩක් අගිල්ලෙ ගාගෙන ඒ ටික වීදුරුවට දාල හොදට පිරිමදින්න ... ඉට පස්සෙ අගිල්ල වතුරෙන් තෙත් කරගෙන වීදුරුව පිහ දාන්න සබන් ටික යනකන් .. ඊට පස්සෙ ආයෙත් අර රෙදි කෑල්ලෙන් වතුර ගතිය යන්න පිහ දාන්න ..
දැන් පෝන් එක එලිය තියන තැනකට අරන් ගිහිල්ල ලෙන්ස් එක දිහා බලන්න දැන්.
තියනව නේද දිලිසි දිලිසි

හම්මේ ඉතිං මූනෙ තියන හිනාව....


හරි දැන් එහෙනම් කලින් ගත්ත තැනම පොටෝ එකක් ගන්න ආයෙ. අරගෙන බලන්න කොහොමද වෙනස කියල?
මේ විදිහට හරි ගියෙ නැත්තම් ඉතිං කැමරාව මාරු කරන්න වෙනව.







එහෙනම් අපි කැපුන
Share පාරක් දාල අපිටත් සප් එකක් දෙන්න

ගෑනුලමයින්ටනම් wrong නම්බර් වලින් මාර කරදරේනෙ ආයෙ ඉතිං මං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ .. ඒවට රැවටිලා ගොඩක් අය අමාරුවෙ වැටෙන අවස්තා ගොඩයිනෙ. අද පත්තරයක් බැලුවම පේනවනෙ ඒක.
ඒකට හොද විසදුමක් මං අද ගෙනාව. ඒ තමයි wrong නම්බර් වලින් කෝල් එනකොට කතාකරන කෙනාගෙ නමත් එක්කම පෙන්නනව තියනවනම් පොටෝ එකත් පෙන්නව. wrong  නම්බර් වලට රැවටෙන්න ඕන නෑ ආයෙ.
මේකට ඔයාට පෝන් එකක් තියෙන්නම ඕන නෑ.
මෙහෙමයි වැඩේ කරන්නේ
මුලින්ම මේ සයිට් එකට යන්න

මෙන්න මෙතන ඔයාට ඕන නම්බර් එක ගහල සර්ච් කරන්න



ඔච්චර නටන්න ඕන නෑ ඔයාලගෙ පෝන් එකට මේ ඇප‍් එක දාගත්තම කෝල් එක එනකොටම නමත් එක්ක පෙන්නව

මේකෙ android වලට 
මේක iOS වලට


ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා කෝච්චියෙ යන්න ගියාම කෝච්චිය තියන වෙලාව දන්නෙ නැතුව ගිහිල්ල රස්තියාදු වෙන එක
ඒකට ඉතිං හොදම පිලියමක් මං ගෙනාව , දැං ඉතිං රස්තියාදු වුන කාලෙ ඉවරයි, ගෙදර ඉදන් වෙලාවටම යන්න පුලුවන්,හරි මේකයි කරන්න තියෙන්නෙ
මේ ලින්ක් එකට ගිහිල්ල මේ ඇප් එක බා⁣ගන්න තියෙන්නෙ ඔයාට ඕන station එකක් දීල බහින station එකත් දීල තියන සේරම කෝච්චි බලන්න පුලුවන්
හායි යාලුවනේ කොහොමද ඉතිං ඔයාලට?
හොරෙන් කෑලි කරන්න ගිහිල්ල කට්ටිය ගුටි කෑවෙ නෑ නේද
හරි හරි අද මං ඔයාලට වටින දෙයක් ගෙනාව. හැබැයි ඉතිං ගේම් පිස්සන්ට තමා ඒක වටින්නෙ මොකද ඔන්ලයින් ගේමින් වලට මේක වටින්නෙ. Facebook ඒකේ තියනවනෙ candy crush , angry Birds වගේ ගේම්ස් ඒව ගහන්න ගිහාම එපා වෙනවනෙ බලාගෙන ඉන්න ඔනනෙ ලයිෆ් එකක් ගන්න විනාඩි පහක් ඉන්න වෙනවනෙ තව ඉතිං ගෝල්ඩ්ස් එහෙම ඉතිං කළුනික වගේනෙ කට්ටියට නේද?
කොහොමද කට්ටියට සේරම දේවල්  999 ගානෙ දෙනව කිිව්වොත්. පැනල එයි නේද?
බලමු කොහොමද අපි මේක ගන්නෙ කියල,
මුලින්ම කියන්න ඕන මේක ඉතිං පෝන් එකෙන්නං පාවිච්චි කරන්න බැහැ මොකද මේක extention එකක් පෝන් එකේ බ්‍රව්සර් එකට මේ extention එක සපෝට් නැහැ. ඉතිං මේක ඉතිං පීසී එකෙන් මේ ගේම්ස් ගහන අයට තමා වටින්නෙ.
දුක් වෙන්න එපා පෝන් එකෙන් ගේම්ස් ගහන අය ඒ කට්ටියටත් ලගදිම දෙන්නම් හොද ක්‍රමයක්.
හරි ළමයි මුලින්ම Firefox එක open කරගන්න,
දැන් මේ ලින්ක් එකට ගිහිල්ල මේක් තියන එක install කරගන්න.
දැං ඔයාගෙ බ්‍රව්සර් එක close කරල open කරගන්න.
හරි දැං ඔයාගෙ fb එකට ලොග් වෙලා ගේම් එක Open කරගන්න.
ඔබට සතුටුයිද දැං

Angry Birds on Facebook
Bejeweled Blitz on Facebook and Google+
Bubble Island on Facebook
Bubble Witch 2 Saga on Facebook
Bubble Witch Saga on Facebook
Candy Crush Saga on Facebook
Diamond Dash on Facebook
Farm Heroes Saga on Facebook
Slotomania on Facebook
Solitaire Blitz on Facebook

මෙන්න මේ ගේම්ස් වලට support

එහෙනම් අපි කැපුන
අපිට ශෙයා පාරක් දාල සප් එක දෙන්න.




සමහර කෙල්ලො කොල්ලො ඉන්නවනෙ හිතිං ආදරේ කරන අය. මොකද කිව්වොත් ආදරේ ප්‍රකාශ කරන්න
බය තියන අය, එහමෙ කනෙක් අපි ගැනත් සැලකිලිමත් වෙනවද කියල අපිට දැනගන්න බෑනෙ නේද? මොකද අපිට අනුන්ගෙ හිත් කියවන්න බෑනෙ. අද මං ගෙනාව  ඔයාලට නොකියම ඔයාගෙ facebook Profile එක ගැන සැලකිලිමත් වෙන අය හොයාගන්න ක්‍රමයක්, ඔයාටත් නොකියම ඔයාගෙ facebook Profile එකට ඇවිල්ල යන අය මේකෙන් බලාගන්න පුලුවන්.
හරි අපි බලමු මේක අපි කොහොමද කරන්නෙ කියල,
මේක කරන්න ක්‍රම දෙකක් තියනව. ලේසිම විදිහ කියල දෙන්නම්, අනිත් ක්‍රමයත් ඕනනම් comment  එකක් දාන්න.
හැබැයි මුලින්ම කියන්න ඕන මේක පෝන් එකෙන් කරන්න ඕනනම් google chrome එක තියෙන්න ඕන.
මුලින්ම ඔයාගෙ ක්‍රෝම් බ්‍රව්සර් එක ඕපන් කරගන්න.

දැං මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල තියන Extention එක දාගන්න.

හරි දැන්  ක්‍රෝම් බ්‍රවුසර් එක ක්ලෝස් කරල ආපහු ඕපන් කරගන්න,

දැං ඔයාලගෙ facebook ගිනුමට ලොග්වෙන්න, ඊට පස්සෙ ඔයාගෙ facebook Profile එකේ පෙන්නනව Visitors කියල button එකක්


click කරාම popup මැසේජ් එකක් එනව ඔයාගෙ facebook Profile එක බැලුව අයගෙ facebook Profile එක එක්කම.


ඔන්න වැඩේ හරිනෙ එහෙනම් අපි කැපුන.

ශෙයා පාරක් දාල අපිටත් සප් එකක් දෙන්න,

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමා Fb app එකෙන් එකවුන්ට් දෙකකට එකපාර යන්න බැයිද කියන එක, එ් වගෙම තමා Viber,whtsapp,imo මේවගෙන් තව නම්බර් එකකින් තව එකවුන්ට් එකක් එකම පෝන් එකට හදන්න බැයිද කියන එක,  fb එකටනං ගොඩක් අය facebook lite ඇප් එක තියාගෙන එකවුන්ට් දෙකක් පාවිච්චි කරනව. නමුත් lite ඇප් එකේ ඔරිජිනල් ඇප් එක තරම් features නෑනෙ.
අද මං ගෙනාවෙ මේකට හොදම විසදුමක්, එකම පෝන් එකෙන් එකවුන්ට් දෙකක් නෙමෙයි සීයක් වුනත් හදාගෙන පාවිච්චි කරන්න පුලුවන් වැඩක් තමා මේක, එක එක ඇප් දාන්න ඕන නෑ , තියන ඔරිජිනල් ඇප් එකෙන්ම වැඩේ කරන්න පුලුවන්



එහෙනම් අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල,
මුලින්ම් ඔයාල යන්නකො playstore එකට

හරි දැං search bar එකේ search කරන්න app cloner කියල,

මේ තියෙන්නෙ ඇප් එක. මේක බාගන්න ඔයාල,
හරි දැං බාගත්ත අය මේක Open කරගන්න,

Open කරගත්ත අයට මෙන්න මේ වගේ screen එකක් එයි. 


හරි දැං කට්ටියට එකවුන්ට් දෙකක් හදාගන්න ඕන ඇප් එක හොයාගන්න,
(උදාහරනෙකට ගත්තෙ Facebook එක)

දැං මේ විදිහෙ screen එකක් එයි ඔයාලට


හරි දැන් ඔයාලට මෙතනදි තමා ඔයාල හදාගන්න ඇප් එකේ විස්තර වෙනස් කරන්නෙ. කැමති නමක් දාගන්න, කැමති icon එකක් දාගන්න, ඕනම වෙනස්කමක් කරන්න පුළුවන් මෙතනදි. හැබැයි හදල ඉවර උනාට පස්සෙනම් ඉතිං බෑ වෙනස් කරන්න,
සැ.යු. අනිවාර්යෙන්ම නම වෙනස් කරගන්න නැත්තම් ඔයාට බැරිවෙයි ඇප් දෙක වෙනස් කරල අදුනගන්න,

හරි දැං ඔයාලට ඕන සේරම වෙනස්කම් ටික කරල ඉවර වුනාට පස්සෙ මේ හරිය ක්ලික් කරල ඇප් එක හදාගන්න.


දැං කරන්න තියෙන්නෙ ඉතිං ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන අනිත් එකවුන්ට් එකෙන් ලොග් වෙන්නයි,
එහෙනං අපි කැපුන,
ශෙයා කරල අපිටත් සප් එකක් දීලම යන්න
Copyright © 2013 ...:::SDJ:::...