ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

හෙලකුරේ පරිඝණාකාගමනය

අපි කවුරුත් මොබයිල් උපාංග මගින් සිංහල typingසිදු කරන්නේ හෙලකුරු ඇප් එකෙන්නේ. ඔන්න දැන් පරිගණකයේ ඇති ගූගල් වෙබ් බ්‍රව්සර් එක මගිනුත් සිංහල කොටන්න පුළුවන් Extension එකක් හදුන්වාදෙනවා. මෙම හෙළකුරු නිර්මාතෘ වන්නේ භාෂා ලංකා ආයතනයයි.මේ තියෙන්නෙ භාෂා ලංකා ආයතනය මගින් හදුන්වා දුන් වීඩියෝව.
මෙය තවමත් බීටා (Beta) සංස්කරණයක් නිසා පොඩි පොඩි අවුල් ඇතිවෙන් පුලුවන්. ඒව ගැන ගනං ගන්නෙ නැතිව ඔයාල පාවිච්චි කරන්න.


ඔයාලට මේ ඇප්ලිකේෂන් භාෂා ආයතනය මගින් ලබාදෙන්නෙ නොමිලයේ. එයාලට මේවට විශාල වියදමක් යනව වේ වගෙ ඇප් එකක් හදන්න වගේම වැඩ කරන අයට ගෙවන්න. ඉතිං දැං අපිටත් පුලුවන් භාෂා ආයතනයේ මේ වගේ වැඩ වලට තමන්ට හැකි අයුරින් දායක වෙන්න. එයාල ඒ වෙනුවෙනුත් අපිට දෙයක් දෙනව. ඒ තමයි Pro Themes ගොඩක් අයනම් දන්නව ඇති. හෙලකුරු ඇප් එක තියෙන පෝන් එකකින් පුලුවන් මේ දේ කරන්න. පුලුවන් විදිහට දායකත්වයක් දක්වල මේ වගෙ ආයතන වලට රුකුලක් වෙන්න.

එසෙනම් මෙය බාගත කරගැනීමට මෙතනින් පිවිස Added to chrome ක්ලික් කරන්න. නැතිනම් ගූගල් extension වෙත පිවිස Helakuru ලෙස type කරලා එකතු කරගන්නත් පුලුවන්. වෙබ් බ්‍රවුසර් එකට එකතුකර ගැනිමෙන් පසු බ්‍රවුසර් එක close කරලා open කරන්න. කීබෝඩ් එකෙන් Ctrl+Shift+Z එකවර ඔබන්න. එවිට සි‍ංහල සහ ඉ‍ංග්‍රීසි අවශ්‍ය විටක මාරු කිරීමෙන් Type කරන්න පුලුවන්. 

ඇත්තටම මෙහි වටිනාකම ගොඩක්ම දැනෙන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන අයට වඩා ලිනක්ස්, උබුන්ටු , මැක් වැනි මෙහෙයුම් පද්ධති බාවිතා කරන අයටයි. හේතුව වින්ඩෝස් වලට සිංහල ටයිප් කරන්න මෘදුකාංග ඕනෑතරම් තිබුණත් අනෙකුත් os වලට සිංහල ටයිප් කරන්න මෘදුකාංග නොමැති වීමයි. ඒ නිසා මෙම හෙළකුරු පරිගණකයට extension එකක් ලෙස පැමිණීම ඒ අයට ගොඩක් වටිනවා. 



1 comment:

  1. ...:::Sdj:::...: හෙලකුරේ පරිඝණාකාගමනය >>>>> Download Now

    >>>>> Download Full

    ...:::Sdj:::...: හෙලකුරේ පරිඝණාකාගමනය >>>>> Download LINK

    >>>>> Download Now

    ...:::Sdj:::...: හෙලකුරේ පරිඝණාකාගමනය >>>>> Download Full

    >>>>> Download LINK 2I

    ReplyDelete

Copyright © 2013 ...:::SDJ:::...