ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

ඔයාගෙ පෝන් එකෙත් කැමරාව අවුල්ද මෙන්න විසදුම


ගොඩක් අයට තියන ගැටලුවක් තමයි පෝන් එකක් අරන් ටිකක් කාලයක් යනකොට කැමරාව කොලිට් අඩු වෙන එක. කට්ටියනම් හිතන්නෙ කැමරාව සවුත්තු වෙනව කියල. හැබැයි එහෙම වෙන අවස්ථාත් තියනව 1% වගේ ඒවටනම් ඉතිං කොහොමත් කැමරාව රිප්ලේස් කරන්න වෙනව. නැතුව හරියන් නෑ.
මම අද කියන්නෙ කැමරාවෙ කොලිටිය අඩුවුන නමුත් කැමරාව සවුත්තු නොවුනු එකට විසදුමක්

ඔයගොල්ලොන්ගෙ පෝන් එකේ ගන්න පොටෝස් පැහැදිලි නැද්ද ? නිකන් ලාවට බොද වෙලා වගේද ? zoom කලාම ඩීටේල්ස් අඩුද මෙන්න මේ වගේ.




එහෙනම් මෙන්න මේ විදිහට කරල බලන්න.

හොදට බලන්න යගොල්ලොන්ගෙ පෝන් එකේ කැම් එකේ වීදුරුව දිහා .. හොදට බලන්න .. හොදට හරව හරව බලන්න .. බලන්න ඔයගොල්ලොන්ගෙ කැම් එකේ වීදුරුවත් මේ විදිහද කියල ... පොඩ්ඩක් හරි තියනව නේද? නැද්ද හොදට බලන්න මේක ලේසියෙන්නම් පේන්නෙ නෑ. පොඩ්ඩක් ලයිට් එකක් ගාවට ගිහිල්ල පෝන් එක දෙපැත්තට කර කර බලන්න. තියනව නේද බඩු?තියනව නම් පුතා ඔයාගෙ කැම් එකේ කොලිටි එක ටිකක් අවුල් වගේ තමයි ..


මෙන්න මේ වගේ....
හරි මන් කියල දෙන්නම් ඕක හදා ගන්නෙ කොහොමද ? , ඇත්තටම ඔය මොකක්ද වෙලා තියෙන්නෙ කියල..

ඔය හීරිලා වගේ තියෙන්නෙ වීදුරුව නෙමෙයි ..  ඔය තියෙන්නෙ UV Filter එකක් .. තවත් විදිහකට කිව්වොත් Oleo phobic coating එකක් ... 
ඕක ගහන්නෙ කැම් එකේ ලෙන්ස් එකේ කල් පැවැත්ම වැඩි වෙන්න .. මොකද එතකොට අහිත කර හිරු කිරන ඇවිල්ල කැම් එක සවුත්තු වෙන්නෙ නැ ඉක්මනට ... හැබයි අවාසනාවට ඒක යනව ගොඩක් පෝන් වල ඉක්මනට .. ඒක ඉතින් එක එක්කෙනා යූස් කරනව් ඉදිහට තමයි ... ඒක ගියත් යන්නෙ සම්පූර්නයෙන්ම නෙමෙයි නිකන් කෑලි කෑලි .. ඒ කියන්නෙ ඇත්තටම ඒ ෆිල්ටෙර් එක තමයි හීරෙන්නෙ ...  කැමරාවෙ වීදුරුවට උඩින් තමා ඕක ගහල එවන්නෙ .. ඒක හීරුනාම අපිට පැහැදිලි පොටෝස් ගන්න ලැබෙන්නෙ නැ ... ඉතින් අපිට පැහැදිලි පොටෝස් ආයෙ ගන්න ඕනෙ නම් ඒක සම්පූර්නයෙන්ම යවන්න ඕනෙ .. ඉතින් මන් කියල දෙන්නම් දැන් ඒක යවන්නෙ කොහොමද කියල 
මේක හරියටම බලාගන්න ඕන අය යවන්න කලින් පොටෝ එකක් අරගෙන ඉන්න. නැත්තම් මට රෙදි උස්සන් එයි කට්ටිය.
හරි දැන් වැඩේට බහිමු.

අවශ්‍ය ද්‍රව්‍ය- 
        * හොදින් තෙතමනය උරා ගන්න රෙදි කෑල්ලක්
        * පුලුන් කෑලි ටිකක්
        * ඕඩි කොලෝන් හරි සෙන්ට්  හරි බෝතලයක් ... ( හිස් බෝතල් උස්සන් එනව නෙමෙයි )

        * ටූත් පේස්ට් ටිකක්
(අත් සෝදගෙන වැඩේට බැස්සොත්නම් හොදයි නැත්තම් වැඩේ 100% හරියන් නෑ)

හරි එහෙනම් , මුලින්ම කැමරාවට සෙන්ට් ටිකක් ගහල  රෙදි කෑල්ලෙන් පිහදා ගන්න .. බය නැතුව ගහන්න හොදට සෙන්ට් .. ඇතුලට යන්නෙ නැ . බය නැතුව අතුල්ලන්න හරි අයිය හරි තව හයියෙන් තව හයියෙන් අතුල්ලන්න ☺☺☺☺
දැන් ආයෙ ගහන්න සෙන්ට් ටිකක් හොදට .. පිරිසිදු ඇගිල්ලින් පොඩ්ඩක් තද කරල (පොඩ්ඩක් හොදේ ) හොදට පිරිමදින්න කැම් එකේ ලෙන්ස් එක
විනාඩි දෙකක් විතර එක දිගට මදින්න .. ඊට පස්සෙ අර තෙත ගතිය වේලෙන්න තියන්න කැම් එකේ ලෙන්ස් එක පිහ දාන්නෙ නැතුව් ... වේලුනාට පස්සෙ පුලුන් කෑල්ලකින් එක පාර පිහදාල අරින්න ..
ඔහොම කරල බලන්න .. සමහරවිට ඕක එක පාරෙන් කරාට යන්නෙ නෑ .. ඔයාට ගොඩ පාරක් කරන්න වෙයි ඒ හීරිච්ච ගතිය යවන්න .. 10 පාරක් 15 පාරක් ඕකම කරල බලන්න .. පොඩ්ඩ පොඩ්ඩ තමා යන්නෙ .. ඒත් එහෙම කරලත් ගියෙ නැත්තම් ඊලග ස්ටෙප් එකට යමු .. ඒකෙන් කලොත් නම් අනිව යනවම තමයි ..


ගන්න ටූත් පේස්ට් ටිකක් ඇගිල්ලට ... දැන් අර කලින් වගේම ඒ ටික කැමරාවෙ වීදුරුවට දාල පොඩ්ඩක් තද කරල හොදට මදින්න .. ඒක එච්චර වෙලා මදින්න එපා තත්පර 30 ක්  45ක් මදින්න .. ඊට පස්සෙ පුලුන් කෑල්ලක් අරන් ඒ ටික පිහදාන්න .. දැන් බලන්න් ගියාද කියල .. එක පාරින් නම් යන එකක් නෑ .. ටික ටික තමා යන්නෙ .. කොහොම හරි යනකන්ම එහෙම කරන්න .. දානව , මදිනව , පිහදානව .. ඔන්න ඔය විදිහට 
☺☺☺
ගියාට පස්සෙ ආයෙත් සෙන්ට් ටිකක් හොදට ගහල අර රෙදි කෑල්ලෙන් පිහදාන්න ..
ඊට පස්සෙ තව වැඩක් තියනව .. අර සෙන්ට් එකේ ටූත් පේස්ට් වල තෙල් ගතිය වීදුරුවෙ තියන නිසා ටිකක් අවුල් .. ඒක නිසා . සබන් පොඩ්ඩක් අගිල්ලෙ ගාගෙන ඒ ටික වීදුරුවට දාල හොදට පිරිමදින්න ... ඉට පස්සෙ අගිල්ල වතුරෙන් තෙත් කරගෙන වීදුරුව පිහ දාන්න සබන් ටික යනකන් .. ඊට පස්සෙ ආයෙත් අර රෙදි කෑල්ලෙන් වතුර ගතිය යන්න පිහ දාන්න ..
දැන් පෝන් එක එලිය තියන තැනකට අරන් ගිහිල්ල ලෙන්ස් එක දිහා බලන්න දැන්.
තියනව නේද දිලිසි දිලිසි

හම්මේ ඉතිං මූනෙ තියන හිනාව....


හරි දැන් එහෙනම් කලින් ගත්ත තැනම පොටෝ එකක් ගන්න ආයෙ. අරගෙන බලන්න කොහොමද වෙනස කියල?
මේ විදිහට හරි ගියෙ නැත්තම් ඉතිං කැමරාව මාරු කරන්න වෙනව.







එහෙනම් අපි කැපුන
Share පාරක් දාල අපිටත් සප් එකක් දෙන්න

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...